Sunday, June 23, 2019

අප්පච්චි

ගිනි ගහන කූටකේ
මහ පොලොව සිපගද්දි
රිදෙන්නැති රලු දෙපා
පිච්චිලා අප්පච්චි

කරගැටට රිදුම් දෙන
දෑත් දෙස බල බලා
හිතන්නැති පුන්චි උන්
බඩ ගින්නෙ අප්පච්චි

බිරිඳව්හැර ගිය සොවින්
තවත් අසරණ වෙලා
සොයන්නැති මවක් නුඹ
පුන්චි මට අප්පච්චි

මවක් වන මුවාවක්
ඇගෙන් නොළැඹුනු නිසා
දුරින් හිද බලන්නැති
අඬ අඬා අප්පච්චි

මටත් හරි පාලුවක්
දැනෙනවා දැන් ඉතින්
මොහොතකට තුරුලුකර
ගන්නවද අප්පච්චි

වාශු

නුඹ නැතුව නුඹ එක්ක හිතත් දොඩමලු වෙලා හරියට නිදි නැතිව තුන් තිස් පැයේ හදවතේ වූ ප්‍රේමයක් ගැන සිතත් ගතු කියනව වගේ ලොවෙන් වෙන් වී දෙතැනකට වී විදින්නට හැකි ආදරේ පුරාතනයක මතක ඇත තව පිච්චි පිච්චී මා ළයේ කැළණි සද ගැන කවි ලියන ඔය. සිතත් තව මට ආදරේ දගකරන නෙතු අගත් කදුලැලි සිර කළා ගුලි වී ලයේ යළිත් නොම එන් සිහින අරගන කියන්නට මට බැහැ ප්‍රියේ සතුට අරගෙන දුර ඉගිලියන් එයයි අප පෙම් අන්දරේ වාශු

ඉතින් නුඹ ඉගිලියන් දුරකට

කදුලකට යළි යළිත්
නෙතේ ඉඩ වෙන් කරන්
නුඹ ඉතින් දුර යන්න
හිතේ සතුටත් අරන්
ආදරේ හැර කිසි‍ත්
දෙන්න නෑ රත්තරන්
නුඹේ සතුටමයි මට
අවැසි එය ඉස්තරම්

වාශු

Friday, June 21, 2019

විරහවක රහ

විරහව වේදනාවක් ...ඇත්තටම විරහව කියන්නෙම දුකක්..කාලයක් යද් හිතේ ඇදුණු ගැහැනියට, පිරිමියාට  ආදරේ කරලා ඒ ආදරේ අහිමි වීම ඇත්තටම වේදනාවක්..

විරහව මතක් වුණ ගමන් අපිට හිතෙන්නේ ප්‍රේම සම්බන්ධතාවයක ආදරයක නික්මීම ඒ දුක වේදනාව විරහවයි කියලා...ඔව් ඒ තමයි  විරහව...හැබැයි ඇත්තටම කිවුවොත් ඒ විරහවේ එක කොටසක් විතරයි..

මේ අපි හොදටම අදුරන,අපිට හොදටම දැනුණු සෙනෙහසක නිමාවේ  වේදනාව කියන තවත් විරහවේ කතාවක්.

"අම්මට දරුවො කී දෙනෙක් ඉන්නවද" අහපු ප්‍රශ්නෙට උත්තර දෙද්දි  ඇස් දෙකට ආපු කදුලු හංගගන්න ඇය දරපු උත්සාහය මම  හොදින්  දැක්කා...

"හතර දෙනයි...දුවයි පුතාලා තුන් දෙනයි."කදුලු අතරින් හිනා වෙමින් ඇය කියද්දි ඇගේ හදවතේ දරුවො වෙනුවෙන් තියන ආදරේ තවත් ඒ විදියමයි කියලා තේරුම් ගන්න මට අමාරු වුණේ නෑ..

පුතාලගෙ බිරින්දෑවරුන්ට තමන්ගෙ නැන්දම්මා බරක් වෙද්දී තමන්ගෙම දියණියට ,තවත් දූවරු තිදෙනෙක්ගෙ මවකට තමන්ගෙම අම්මා බරක් වෙද්දි දරු සිව් දෙනාගෙ අවසන් තීරණය අම්මව මහලු නිවාසෙට දාන්න...හරි අපූරු සැලසුමකට තමන්ගෙම දරුවො අම්මව මහලු නිවාසෙ දාල යන්න ගියේ හැම සතියකම අම්මව බලන්න එන පොරොන්දුව පිට .

"ඊට පස්සෙ දුව දෙතුන් වතාවක් බලලා යන්න ආවා"ඇය පැවසුවේ තමන්ගේ දරුවන් පොරොන්දු රැකපු අපූරුවයි..

දරු සිව් දෙනෙක්ට කොතරම් රුධිරය කිරට හරෙන්නට ඇතිද.ඇගේ දෑත තවමත් රලුය...වයසටත් වඩා මුහුණ වියපත්‍ ය..මේ සියල්ල කියන්නේ දරුවන් වෙනුවෙන් අසීමිතව දුක් විදි මාතෲත්වයේ කතාන්දරය නොවේද...

සැම දරුවෙක්ම එසේ නොමැති බව සැබෑය...නමුත් බොහෝ දරුවන් මෙසේ වන බවත් සැබෑවකි...තෙවරක් බුදුන් වැඩි මේ බිම මහලු නිවාස මෙතරම් ඉදි වීම එයට නිදසුනක් නොවේද? තම ලෙයින් උපන් දරුවන් විකුණන මරා දමන ,මව් පදවියට නිගරු කරන  මිනිසුන් මැදම තම දරුවන් උස් මහත් කොට ඔවුන්ට ජීවත් වීමේ උරුමය ලබා දීමම මහා පුණ්‍යකර්මයකි..එවන් මවු වරුන් පියවරුන් දරුවන්ට බරක් වන්නේ කෙසේද...?

දස මස කුස දරා බිහි කරමින් රස කිරි දුන් කතාන්දරය ,ගිනි අවුවේ කරගැට නැගෙන තුරු දුක් විදි කතන්දරය වත්මන් දරු පරපුරට කට පාඩම් කළද පලක් නැත..කොතරම් බණ ඇසුණත් පිරිත් ඇසුණත් හදවතට ඇහුම්කන් නොදෙන තමන්ට වංක මිනිසුන්ට එයින් පලක් නැත.

"හම්බවෙන දෙයක් කාලා කාටවත් කරදරයක් නොවී මැරිලා යන්න තිබුණනම් ඇති"ඒ අසරණ මිනිසුන් කියන්නේ එලෙසය....

දරුවන්ට දෙමාපියන් අහිමි විරහව මැද,,තම මිතුරන් හුරතලුන් අහිමි හිතවතුන්ගේ විරහව මැද,..ප්‍රේමය අහිමි ප්‍රේමවන්තයින්ගේ විරහව මැද...දරුවන්ට දෙමාපියන් සිටියදීත් ඔවුන් දුරස් කරමින් සිතින් විදවන  දරුවන්
 මෙන්ම දරුවන්ගෙන් ඈත් වුණ දෙමාපියන්ගේ විරහවේ වේදනාව කොතරම් දරුණුද...

වියපත් අඩවන් දෑසින් වෙවුලන ගතින් බොහෝ මවුවරු පියවරු තවමත් බලන් සිටින්නේ මියදෙන්නට පෙර තමන්ගෙ දරුවන් එක මොහොතකට හෝ නැවතත් දෑස් මානයට එන තුරුය.කිසි දිනක දුවා දරුවන් කෙරෙහි ඔවුන්ගේ සිතේ කහටක් නැත..

රුධිරය කිරට හරවා දරුවන් පෝෂණය නොකළා නම් ,වියපත් සිරුරේ තවත් ලේ බිදුවක් හෝ රැදෙන්නට තිබුණා  නොවේද.අවුවේ වෙහෙස නොවුනිනම්, වියපත් ගතේ වුව ප්‍රාණවත් බවක් තිබෙන්නට තිඹුණා නොවේද...තමා සතු සබ්බ සකල මනාවම දරුවන්ට නොදුන්නා නම් ඔවුන් අද ඔවුන්ගේ නිවෙස් තුළ නොවේද..?එසේනම් මහ මගට වන්නේ ඔවුන් නොව අපිම නොවන්නෙමුද?

නොවන්නම් මම ඔබට වදයක්
සත්තකයි මා දරුවනේ
මිය දෙන්න පෙර එක වතාවක්
ඇවිත් පලයන් දරුවනේ

වාශු

දැදිගම සූතිගර වෙහෙර

පැරැණි බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ඉර වැලි  පත්තුවට ද , වර්තමාන බෙදීමට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්...