දුක දරාගෙන කප්පරක්
හිත හදාගෙන හිනැහුණත්
ගල් කෙරූ සිත
සවිය දියවී
වැටෙනවා නෙත් තෙත් කරන්
හුස්ම ගන්නට එක වරක්
පැතුම් පොදි ගොනු කළ තරම්
දෙපා පාමුල බිදී යද්දී
වැටෙනවා හිත දිය කරන්
වින්ද දුක් ගිනි මහ මෙරක්
ඉවසගන්නට බෑ තවත්
ගතේ සවී බිදෙමින් වැටෙන හැටි
විදිනවා නෙත් තද කරන්
ගෙවූ කාලය කොයි තරම්
මතක පොදි බැන්දත් ඉතින්
හුස්ම නැවතී නෙත් පියවියන්
මහන්සී මට ඒ තරම්.
වාශු
Monday, July 8, 2019
Subscribe to:
Post Comments (Atom)
දැදිගම සූතිගර වෙහෙර
පැරැණි බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ඉර වැලි පත්තුවට ද , වර්තමාන බෙදීමට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්...
-
පැරැණි බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ඉර වැලි පත්තුවට ද , වර්තමාන බෙදීමට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්...
-
රිදවන්න රිදවන්න මේ හිත ළං වෙන්නෙ නුඹ ලගටම ඒකම තමයි අරුමය සෙනෙහසක නුඹ පුද කළ යන්නම වුණෝතින් හෙට යන්නේ කොහොමදැයි මම දන්නෙ නෑ තවම හිත ක...
-
විරහව වේදනාවක් ...ඇත්තටම විරහව කියන්නෙම දුකක්..කාලයක් යද් හිතේ ඇදුණු ගැහැනියට, පිරිමියාට ආදරේ කරලා ඒ ආදරේ අහිමි වීම ඇත්තටම වේදනාවක්.. විර...

No comments:
Post a Comment