1153 1186 කාලයේ දී පොළොන්නරුවේ රජ බවට පත්වූ පළවන පරාක්‍රමබාහු රජතුමාගේ පුත්‍රයෙක් වේ .මෙම පරාක්‍රමබාහු උපන් ස්ථානය රියන් 120 ක් හෙවත් අඩි 1 300 ක් උසට සූතිඝරයක් ඉදි කරමින් චෛත්‍යයක් ඉදි කරවූ බවද සඳහන් වන අතර එයද දැදිගම පිහිටි කොටවෙහෙර බව පුරා විද්‍යාඥයන්ගේ නිගමනය වී ඇත. 1947දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැදිගම කොටවෙහෙර කැණීම් කර සංරක්ෂණය කර ඇති අතර සංරක්ෂණයෙන් පසු දැනට දාගැබ උස අඩි හතළිස් හතක් හා වට ප්‍රමාණය අඩි 804 ක් වේ .මෙම කැනීම්වලදී සොයා ගත් විශිෂ්ට කලා නිර්මාණයක් ලෙස පිළිගන්නා ඇත්පහන ඇතුළු පුරාවස්තු ආසන්නව පිහිටි කෞතුකාගාරය තුළ මහජන ප්‍රදර්ශනයට තබා තිබේ.
.
Saturday, July 27, 2019
දැදිගම සූතිගර වෙහෙර
පැරැණි බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ඉර වැලි පත්තුවට ද , වර්තමාන බෙදීමට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දැතිගම ගමේ කොටවෙහෙර පිහිටා ඇත. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 66ක් පමණ දුරකින් පිහිටි නෙළුම්දෙණිය උප නගරයෙන් දකුණට විහිදෙන ගලපිටමඩ මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගමන් කිරීමෙන් මෙම ස්ථානයට පිවිසිය හැකිය. .මහාවංශයට අනුව දොලොස්වන සියවසේදී මානාභරණ රජු විසින් දක්ෂිණ දේශය අගනගරය ලෙස පුංඛගාමය නාමය යොදාගෙන ඇති අතර ක්‍රිස්තු වර්ෂ
Friday, July 26, 2019
ඉන්න බැරි හැටි නුඹට මං ළඟ
කියන්න පුලුවන් උනානම්
මං ආදරේ බව නුඹට
ඉන්න තිබුණා ළඟම
හුස්මකින් වත් දුරකින් නොයිද
මොකක්දෝ නුහුරු ගතියකට
නුඹ යද්දි ඇගේ අත ගෙන
නොගිහින් දුරකට
නැවතියන් මගෙ ළඟම
කියන්නට පුලුවන් වුණානම් මට
හැම දේම දැනගෙනත්
නොතේරුණා වගේ ඉන්න නුඹෙන්
අහන්න පුලුවන් උණානම්
සෙනෙහස ඇයි මෙතරම් දුර
සමහර විට
උත්තර නැති වෙන්නටත් තිබ්බා නුඹට
හදවතේ හංගාන සෙනෙහස
දුක් විඳින තරමටම
වාශු ❤
මං ආදරේ බව නුඹට
ඉන්න තිබුණා ළඟම
හුස්මකින් වත් දුරකින් නොයිද
මොකක්දෝ නුහුරු ගතියකට
නුඹ යද්දි ඇගේ අත ගෙන
නොගිහින් දුරකට
නැවතියන් මගෙ ළඟම
කියන්නට පුලුවන් වුණානම් මට
හැම දේම දැනගෙනත්
නොතේරුණා වගේ ඉන්න නුඹෙන්
අහන්න පුලුවන් උණානම්
සෙනෙහස ඇයි මෙතරම් දුර
සමහර විට
උත්තර නැති වෙන්නටත් තිබ්බා නුඹට
හදවතේ හංගාන සෙනෙහස
දුක් විඳින තරමටම
වාශු ❤
Thursday, July 25, 2019
විෂම ❤
පැතුම් දල්වා
සුසුම් විළිලා
වෑයමෙන් වැදු
ආදර අන්දරයේ
වැරදි කාරිය මම
වරද මාගේ
ගැහැණුකම
නිදොස් කොට නිදහස් කළ
කතාන්දරයේ
නිවැරදි කරු නුඹ
හේතුව
නුඹේ
පිරිමිකම
වාශු❤
Thursday, July 11, 2019
දෙමාපිය සෙනෙහස රියැලිටියෙන් ඔබ්බට විමසමු
දෙවැනි බුදුන් ලෙස ලෝක පූජිත ගෙදර බුදුන් අම්මා ය. දරා දස මසක් දරුවන් මෙළොවට ජනිත කිරීම පමණක් නොව දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා තමන්ගේ ජීවිතය පරදුවට තබමින් කඳුලැලි දහඩිය මුගුරු වගුරවමින් තමන්ගේ සතුට දරුවන්ගේ සතුට වෙනුවෙන් කැප කරන්නට තරම් පරාර්ථකාමී උතුම් මනුසත්කමක් හිමි මිනිසුන් අතර දෙමාපියන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානය කි .රුධිරය කිරි කරන්නටත් සෙනෙහස මහ මෙරක් සේ දරුවන්ට පුද කරන්නටත් අපූරු හැකියාවක් ඇති මව්තුමියත් ,අප්‍රකාශිත සෙනෙහසකින් නිහඬවම දරු කැළගේ සුභ සිද්ධිය වෙනුවෙන් ජීවිත කාලය කැප කරන පියතුමත් දරුවන්ගේ මුල් ගුරුවරුන් මෙන්ම පරමාදර්ශී චරිතයන් ය..
ලෝකය නිර්මාණය වී ඇත්තේ හිරුගේ කිරණින් හා මවගෙ රුධිරයෙනි.මැක්සිම් ගෝර්කි පැවසුවේ එලෙසිනි.වචනයේ පරිසමාප්තියෙන්ම මව ගෙදර බුදුන් ය.හිරු නැඟෙන්නටත් ප්‍රථමව අවදිවන ඈ නින්දට යන්නේ සියල්ලට පසුවය.දරුවන්ගේ යහපත් මිස ඇයට අන් සතුටක් නැති තරම් ය. කුසගින්නට රස බොජුන් ගත සරසන්නට සුව සිනිඳු වස්ත්‍ර සොයනවාටත් වඩා ඇය දරුවන් සරසන්නට සනසන්නට සිහින දකින්නට පටන් ගත්තේ කුස තුළ කළලය පණ ගැසෙන්නටත් මත්තෙන්ය.
එතැන් පටන් දස මස කුස දරා දරුවන් බිහි කරන දා දක්වාත් ඉන් පසුවත් ජීවිත කාලය පුරාවටත් මවට ලෝකයම වූයේ දරුවන් ය.සිය දහස් ගණනක් වූ සිහිනයන් යතාර්ථයක් කරන්නට අප්‍රමාණ කැප කිරීම් කරමින් මවු වරුන් පියවරුන් ඔවුන්ගේ සතුට සදහටම අමතක කරන්නට තරම් අපූරු සෙනෙහසක උරුමකරුවන් ය. තාරුණයේ උජාරුවෙන් සැරසූ අග පසග රැළි වැටී වැහැරෙන්නේ හැඩි දැඩි අත්පා කරගැට සැදී රිදුම් දෙන්නේ දරුවන් වෙනුවෙනි.
වෙල් දෙණිවල ඇවිද බතල දළු නෙලා තම්බා දුන් මව් වරුන් මෙන්ම, දිය හැකි ප්‍රණීතම රස මසවුළු ලබා දුන් අම්මාවරු තමන්ට ඇති හැකි පමණින් දරුවන් වෙනුවෙන් සිය ජීවිත කැප කළ බව නොරහසකි.
(තමන්ගේ කුසින් වැදූ දරුවන් මහ මග දමා ගිය ,දෙතන කිරි ටික දරුවන් වෙනුවෙන් දිය නොකළ අම්මාවරුන්ද සිටින බව වෙනමම කතා කළ යුත්තකි.)
ගෙයින් පිටට යනවිට එසිය හැටක් වැඩත් ගෙයට ඇතුළු වන විට එසිය හැටක් වැඩට දක්ෂ මවු තුමිය තරම් පරමාදර්ශී චරිතයක් දරුවකුට සිටිය හැකිද..ලයාන්විත නැලැවිල්ලෙන් දරු පරපුර සනසන්නට නලවන්නට ඇයට තරම් අපූරු හැකියාවක් වෙන කාටවත් නැති තරම් ය.වැදූ මෙන්ම හැදූ මවුන්ද එකසේ වැදගත් ය..
වර්තමානය මානුෂීය සම්බන්ධතාවයන් පවා උඩු යටිකුරු කළ යුගයකි.වෙනස්වන සමාජක්‍රමයක තුල මිනිසාගේ බැඳීම් පවා සීග්‍රයෙන් වෙනස් වෙමින් පවතී.මා පිය දූ දරු සබඳතා පවා ප්‍රශ්නාර්ථයක් ලෙස නිර්මාණය වන බවක් දැක ගත් හැකි වේ.
එවන් යුගයක හොඳම දරුවා හඳම දෙමාපියන් මනින්නේ හරි අපූරු ලෙසනි.
මූදල් මත දේපල ඉඩකඩම් මත මෙන්ම දක්ෂතා මතින් මිනිසුන් වර්ගීකරණය කරමින් ලාංකේය මාධ්‍ය රියැලිටියක් නිර්මාණය කරමින් පවතී.සැණකින් බිහි වන තරු සංකල්පය කොතැනට උචිත වුවත් එය මාතෲත්වයට ගැලපීම් සර්ව සාදාරණ යැයි නොසිතමි.
සැබෑය මවු වරුන් තුළ සැගවුණු කුසලතා බොහෝය.නමුත් නුදුරේදී "මගෙ අම්ම තරම් ඔයස්ගෙ අම්ම දක්ෂ නෑ' ලෙස නොදරුවන් අතර පවා ගැටුමක් නිරමාණය වන්නට ඇති අවකාශය වැඩි යැයි සිතමි.සැම දරුවෙක්ටම ලිව හොඳම පුද්ගලයින් වන්නේ තම දෙමාපියන් වීමෙහි වරදක් නැත .එය එක් ක්ෂේත්‍රයක් මත මැනීම සාධාරණ නොවන වව මගේ මතයයි. නුදුරේදී ලාංකේය මාධ්‍ය සුපර් ඩැඩ්ලාවද සොයා යනු ඇත.
මේ උත්සාහය පවතින සමාජක්‍රමය මත වෙනස් නොවී සිටිය යුතුයි පැවසීමට නොවේ.වෙනස් වන සමාජ ක්‍රමය මත මිනුසින් වෙනස් විය යුතුය..දැඩි ලෙස සංස්කෘතික මත වල එල්ලී සිටිය යුතු නැත.
නමුදු මානුශීය බැඳීම් රියැලිටි වැඩසටහන් මත මැන බැලීම සාධාරණද යන්න වරක් දෙවරක් නොව දස දහස් වර සිතිය යුතු යැයි සිතමි.
වාශු❤
Monday, July 8, 2019
❤❤❤❤
දුක දරාගෙන කප්පරක්
හිත හදාගෙන හිනැහුණත්
ගල් කෙරූ සිත
සවිය දියවී
වැටෙනවා නෙත් තෙත් කරන්
හුස්ම ගන්නට එක වරක්
පැතුම් පොදි ගොනු කළ තරම්
දෙපා පාමුල බිදී යද්දී
වැටෙනවා හිත දිය කරන්
වින්ද දුක් ගිනි මහ මෙරක්
ඉවසගන්නට බෑ තවත්
ගතේ සවී බිදෙමින් වැටෙන හැටි
විදිනවා නෙත් තද කරන්
ගෙවූ කාලය කොයි තරම්
මතක පොදි බැන්දත් ඉතින්
හුස්ම නැවතී නෙත් පියවියන්
මහන්සී මට ඒ තරම්.
වාශු
හිත හදාගෙන හිනැහුණත්
ගල් කෙරූ සිත
සවිය දියවී
වැටෙනවා නෙත් තෙත් කරන්
හුස්ම ගන්නට එක වරක්
පැතුම් පොදි ගොනු කළ තරම්
දෙපා පාමුල බිදී යද්දී
වැටෙනවා හිත දිය කරන්
වින්ද දුක් ගිනි මහ මෙරක්
ඉවසගන්නට බෑ තවත්
ගතේ සවී බිදෙමින් වැටෙන හැටි
විදිනවා නෙත් තද කරන්
ගෙවූ කාලය කොයි තරම්
මතක පොදි බැන්දත් ඉතින්
හුස්ම නැවතී නෙත් පියවියන්
මහන්සී මට ඒ තරම්.
වාශු
සිනහවක් වෙනුවෙන් ජීවිතය අකුරු කරමි
ජීවිතය පුදුමාකාරයි...මෙහෙම කීවට ජීවිතය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නෙට නිර්වචනයක් තාමත් අපි ළඟ නෑ..දුක සතුට සිනහව කදුල තනිකම පාලුව වේදනාව ආදරය විරහව මේ හැම දෙයක්ම ජීවිතේ ඇතුළෙ තියනවා අඩු වැඩි වශයෙන්..මිනිස්සු විදියට අපි විදිනවා ...විදවනවා,,හිනාවෙනවා,, තවත් වෙලාවක කෑ ගහලා අඩනවා,,ප්‍රශ්න වලට උත්තර හොයනවා..ඉතින් මේ හැම දේම ජීවිතේ ඇතුලෙ තියන හින්දම ජීවත් වෙනවා කිය්න්නේත් මේ හැම දේටම කියලයි මට නම් හිතෙන්නේ...
ධනය ,බලය, ස්ත්‍රීත්වය, පුරුෂත්වය, අදහස් මතවාද ,අනුව අපි එකිනෙකාගෙ ජීවිතය වෙනස්...එත් අවසන් හුස්ම පිට වන තුරුම වෙනස් නම් වලින්,,විවිධ ක්‍රම වලින්,,අපි හැමෝම කරන්නේ ජීවත් වෙන්න උත්සාහ කරන එක...ඉගෙන ගන්නේ ....අලුත් දේවල් හොයන්නේ රැකියාවක් කරන්නේ ජීවත් වෙන්න..දුප්පත් පොහොසත් පන්ති පරතර හදාගෙන...උගත් නූගත් බෙදීම් හදාගෙන සමාජය බෙදන්න පුලුවන් හැම විදියකටම බෙදාගෙන මිනිස්සු හැමෝම කරන්නේ මැරෙනකම් ජීවත් වෙන්න උත්සාහ කරන එක.කවුරුත් දන්න ඒත් කාටවත් තේරුම් ගන්න උවමනාවක් නැති ඇත්ත තමයි ඒ...
මුලින් කිව්වා වගේ සමාජයේ මිනිස්සුන්ගේ ජීවිත ගෙවෙන්නේ එකිනෙකාට වෙනස් විදියට..අදුර දුරු කර ගන්නවත් විදුළි එලියක් නැතිව කුප්පි ලාම්පුවෙන් එළියක් හොයන මිනිස්සු ඉන්න රටේම තවත් පිරිසක් තමන්ගෙ මන්දිර නේක වර්ණ විදුළි බුබුලෙන් සරසලා.එක වේලක් කුසට බත් ඇටයක් හොයන්න යදින මිනිස්සු ඉන්න රටේම තවත් පිරිසක් නිකරුණේ කෑම බීම ගහගෙන.රටෙනුත් එහා උසස් ආයතන වල අධ්‍යාපනය ලබන දුවා දරුවන් අතරෙම තවම සපත්තු දෙකක්වත් නැතිව එකම නිළ ඇදුම වත්කම කරන් ගමේ ඉස්කෝලෙට අඩි තියන දරුවන්ද නැතිවාම නොවේ...ඇති කරන සුරතලාගේ බෙහෙත් වේලට පවා ලක්ෂ ගණනින් වියදම් වෙද්දි තවත් පිරිසක් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් හම්බෙන බෙහෙත් ටික ගන්න වරු ගණන් පෝලිම් වල
මේ ගැන කතා කළොත්ගොඩක් දෙනෙක් දකින්නේ එක්කො මේ පන්ති පරතරය ...නැත්තම් දේශපාලනය..මන් ඇත්තටම උත්සාහ කළේ මේ ජීවිතය කියලා කියන්න ...ඒ අතර අපිට අවබෝධ වෙන ගැටලු සහගත තැන් නැතුවාම නෙමෙයි...කොහොම වුණත් මේ ජීවිතය...ඒකට මුහුණ දෙන්න බැරිව අකාලයේ ජීවිතය නැති කර නොගන්න ඕනම කෙනෙක්ට මන් කිව්ව වගේ මොනම විදියකට හරි ජීවත් වෙන්නම වෙනවා...
ජීවත් වීම ගැන ගොඩක් අය ගොඩාක් කතා කියනවා...දුකක් දරා ගන්න...පාලුව ගෙවාගන්න ...වැටුණු තැනින් නැගිටින්න හැමෝම තවත් කෙනෙක්ට කියන්නේ එහෙම.ඒත් අහන කෙනා වගේම කියන කෙනත් දන්නවා කොයි තරම් අමාරුද ඔය කියපු දේවල් කරන්න කියලා..අමාරුවෙන් හරි ඒ දේවල් කළොත් අවසානෙ ඉතුරුවෙන්නෙත් සතුටක් ..
ජීවිතේ හරි අවදානමක්...පුන්චි වරදකට පුලුවන් ඉතුරු කාලෙම විනාස කරලා දාන්න ..ඔව් ඒක ඇත්ත..ඒ නිසා ජිවත් වෙන්න ඕන හරි පරිස්සමෙන් .හැබැයි පුන්චි වරදකට සමහර වෙලාවට පුලුවන් කවදටත් වඩා ශක්තිමත් විදියට අපේ ජීවිතේ හදන්නත්..අය කවදාවත්ම නොබිදෙන විශ්වාසයක් එක්ක..ඒ නිසා වැරදීම් වැටීම් අහිමිවීම් ජීවිතේට ආශිර්වාදයක්...
මේ තරම් දුරක් ජීවිතේ ගැන අකුරු එකතු කළේ කවදාවත් නොදැකපු මුහුණුපොතේ සොයුරියක් මගෙන් ජීවිතේ ගැන අහපු නිසා..මගේ පාසලේම නැගනියක්.ජීවිතේට බොහෝ අහිමිවීම් හිමි කරගත් මා වැනිම ස්ත්‍රියක්...දෙමාපිය සෙනෙහස රැකවරණය නොලද තවත් දරුවෙක්..අධ්‍යාපනය මහා වදයක් ලෙස සිතූ ජීවිතය එපා වූ මිනිසෙක්. ..............................
ඈ මෙන්ම මා මෙන්ම තවත් ජිවිතේ කලකිරීම විදින්නවුන් අපි අතරම .අපිට වෙන්කරලා අදුරගන්න බැරි වුණාට දුක හන්ගන් හිනාවෙන මිනිස්සු ඕන තරම්...කියන්න තියෙන්නේ ජිවිතේ ඔයාගෙ කරන් ජීවිතේ විදින්න කියන එක තමයි...තව කෙනෙක් කියනවට තමාව හෑල්ලු කරනවට බයේ අපි යන පාර අපි වෙනස් කරන්න ඕනද...දියුණුව කියන්නේ උසස් අධ්‍යාපනය රජයේ රැකියාව තට්ටු මන්දිර යාන වාහනම නෙමේ..ඒත් ඒවත් ජීවිතේ කොටසක්.ඒ නිසා ආමිසයෙන් පටන් අරන් ප්‍රතිපත්තියකට ජීවිතේ හදා ගත්තාම තමයි ගොඩක් ලස්සන ...
ලස්සනට අදින්න, විලාසිතා කරන්න, කන්න බොන්න ,සතුටු වෙන්න තහනමක් නෑ...ඒක කොයි තරම් දුරට කරනවද ,කොතනින් නතර කරනවද කියන තීරණය ගන්න ඕන තමන්මයි...හැඩ වෙනවා,, සල්ලි මත්තෙ නැහෙනවා කියන මිනිසුත් කරන්නේ ඔය දේම තමයි..
ඒ නිසා ලස්සනට ජීවත් වෙන්න ජීවිතේ හදා ගන්න එක තියෙන්නේ තමන්ගෙම අතේ...අපි ඕන තරම් අඩල ඇති ඉස්සරහටත් අඩයි..එහෙම කියලා අපිට හිනාවෙන්න තහනමක් නෑ...ඒ නිසා හිනා වෙන්න අමතක කරන්නත් එපා...ඕන තරම් මිනිස්සු අපෙ ජීවිතේට එයි .ආවටත් වඩා ඉක්මනින් සමහරවෙලාවට යන්නම යයි..එහෙමත් නැත්තම් අපි ළගම ඉදියි..අපිට ඔවුන් නිසා දුක සතුට වේදනාව දැනෙයි..ඒ තමයි ජීවිතය..
ජීවිතය කවියක වචන වගේ ,චිත්රයක පාට වගේ,,නව කතාවක් වගේ හැම වෙලේම ලස්සන නෑ..හැබැයි අපිට ඒක ලස්සන කරගන්න පුලුවන්..එකපාරම. සමහර වෙලාවට කීප වතාවක් උත්සාහ කළාට පස්සෙ..ඒ තමයි ජීවිතේ හැටි.ලැබීම් නොලැබීම් මැද්දෙ ..දුක සතුට මැද්දෙ ලාභ අලාභ මැද්දෙ අපිට ජීවිතේ පැටලිලා...ලෙහා ගන්න අමරුයි..ඒත් ලෙහා ගත්තොත් ජීවිතේ ලේසියි.
මම මේ ලිව්වේ ජිවිතේ ගැන මට දැණුන දේ ගැහැණු පිරිමි බේදයක් නැතුව හැමෝටම පොදු කාරණය.මේ කතාවට ඕන තරම් දොස් ඒවි..ඒකත් ජීවිතේම කොටසක්..කොහොම වුණත් මම කියන්නේ ඔබ ඔබම වෙලා ජීවිතය ආමිසයෙන් ප්‍රතිපත්තියට අරන් යන්න...ඔය ගමන ඇතුලෙ ජාතිය ආගම තමන්ගෙ රට අම්මා තාත්තා කොටින්ම කියනවනම් මුල අමතක නොකිරිම තුළ ඔය ජීවිත තවත් ලස්සන වෙයි....
වාශු
හුස්ම වැටෙනා දුරින් හැමදාම මගෙ ළඟ ඉන්න
රිදවන්න රිදවන්න මේ හිත
ළං වෙන්නෙ නුඹ ලගටම
ඒකම තමයි අරුමය
සෙනෙහසක නුඹ පුද කළ
යන්නම වුණෝතින් හෙට
යන්නේ කොහොමදැයි මම
දන්නෙ නෑ තවම
හිත කියන්නෙම ඉන්න
ඒ තරම් ලගයි
ඔය සෙනෙහස මට
කප්පරක් හීන දකිමින්
අවැසි නෑ නුඹ දුර යන්න
හුස්ම වැටෙනා දුරින්
හැමදාම මගෙ ලග ඉන්න
වාශු
ළං වෙන්නෙ නුඹ ලගටම
ඒකම තමයි අරුමය
සෙනෙහසක නුඹ පුද කළ
යන්නම වුණෝතින් හෙට
යන්නේ කොහොමදැයි මම
දන්නෙ නෑ තවම
හිත කියන්නෙම ඉන්න
ඒ තරම් ලගයි
ඔය සෙනෙහස මට
කප්පරක් හීන දකිමින්
අවැසි නෑ නුඹ දුර යන්න
හුස්ම වැටෙනා දුරින්
හැමදාම මගෙ ලග ඉන්න
වාශු
Subscribe to:
Comments (Atom)
දැදිගම සූතිගර වෙහෙර
පැරැණි බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ඉර වැලි පත්තුවට ද , වර්තමාන බෙදීමට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්...
-
පැරැණි බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ඉර වැලි පත්තුවට ද , වර්තමාන බෙදීමට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්...
-
දෙවැනි බුදුන් ලෙස ලෝක පූජිත ගෙදර බුදුන් අම්මා ය. දරා දස මසක් දරුවන් මෙළොවට ජනිත කිරීම පමණක් නොව දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා තමන්ගේ ජීවිත...
-
පැතුම් දල්වා සුසුම් විළිලා වෑයමෙන් වැදු ආදර අන්දරයේ වැරදි කාරිය මම වරද මාගේ ගැහැණුකම නිදොස් කොට නිදහස් කළ කතාන්දරයේ නිවැරදි කරු නු...







