කැන්දගෙන සුරලියක් බදු ඈ
එබෙන විට ගෙයි දොරකඩින්
සත්තකයි මගෙ පුතේ සතුටට
කදුලු වැටුණා නෙත් දෙකෙන්
සිරිකතක් වී මගේ නිවසට
පෑයු නව සද විලසකින්
පළදවා රන් රිදී අභරණ
පිළිගත්තෙ මා සන්තොසින්
දෙවැනි මව වී නුඹේ ළග සිට සලකපන් දියණිය කියා
ඔවා දුන්නේ සත්තකයි මා දරු පෙමක් හදවත දරා
ලේලියක ලෙස වෙනස්කම් නෑ හීනෙකින්වත් සිදුවෙලා
මගේ දියණියකටත් වැඩියෙන් හදවතට නුඹ ළං වෙලා
පුතේ ඔය මුව සතුටු සිනහව මහමෙරක් වාගෙයි සිතා
ගැහැට දුක් ගිනි දරා ගත්තා නුඹේ අබියස ගොලු වෙලා
වැහැරිලා ගිය මගෙ ගතසිත හැඬි කරයි නුඹෙ මන්දිරේ
නුඹ ප්‍රියාවිගෙ මුසා බස් වැල් වලින් තවමත් කන් පිරේ
මවයි ඇත්තට මමත් නුඹගේ ඇයට වාගෙම දුක දැනේ
උහුලගෙන ඒ සියලු ගින්දර නුඹෙ සතුටමයි අයැදියේ
අමතකයි නුඹෙ ප්‍රියාවිට දැන් මා පියන් සෙනෙහේ අගේ
මහලු මඬමට මා දමන්නට ඇයයි ඔය සිත සැනසුවේ
දනිමි හැම දේ ඇති ලෙසින් මන්
නමුත් ඉවසමි දුක හදේ
තුටින් රැදියන් මුණුපුරන් ලැබ
ඇයත් සමගින් මන්දිරේ
මියෙන්නට පෙර එක දිනක් මට
දකින්නට රන් කඳ මගේ
කච්චියක් රෙදි අවැසි නෑ මට ඇවිත්
පලයන් මගෙ පුතේ
වාශු
No comments:
Post a Comment