ජීවිතය හරි පුදුමාකාරයි...සමහරු ලැබුණු ජීවිතේ නැති කරගන්න උත්සාහ ගනිද්දි තවත් සමහරු ජීවත් වෙන්න පුංචි බලාපොරොත්තුවක් හොයන් ජීවිතේ ගැට ගහ ගන්නවා.ලැබීම් නොලැබීම් දුක් කදුලු සතු සිනා මැද නින්දා ප්‍රසංසා මැද ගෙවෙන ජීවිතේ ඇත්තටම වෙලාවකට පුදුමයක්....තවත් වෙලාවක ප්‍රශ්න පත්තරයක්...තවත් වෙලාවකට ගීතයක්.....සමහරුන්ට ජීවිතේ කියන්නෙම හීනයක්...
ගෙවුණු අවුරුදු කිහිපය දිහා ආපහු හැරිලා බලද්දි ...දුක සතුට කදුල වගේම ජීවිතේ කලකිරුණු පැරදුණ අවස්ථා ඕනෑ තරම්....ජීවිතේ හීන ගොඩ ගහපු ඒවත් එක්ක පොර බදපු දුක්බර අතීතය අද සුන්දර මතකයක්...මට වගේම හැමෝටමත් ඒක එහෙමම වෙන්න ඇති.
ගමේ අව්ව දූවිල්ල එක්ක පොර බදපු.........වැස්සට තෙමුනු කකුල් රිදෙනකම් පයින් ඇවිදපු අතීතය තාමත් හොදට මතකයි...අත්තම්මා ජීවිතේ ගැට ගහ ගන්න හරි හරියට දුක් විදිද්දි ඒ කදුලු හන්ගන් හිනාවෙන්න හදද්දි කාටත් හොරෙන් මන් කොයි තරම් අඩලා ඇද්ද.හැමෝගෙම අම්මලාගෙ තාත්තලාගෙ නොපෙන්නුව කදුලු ඔබත් අහම්බෙන් හරි දැකලා ඇති...
ගමේ ඉස්කෝලෙට අකුරු කරන්න යද්දි
අදින්න තිබ්බෙ එකම එක සුදු ගව්මයි..අම්ම තාත්ත නැති කෙල්ල කියලා මිනිස්සු මාව කොන් කරන්න හදද්දි මට වැටෙන්න නොදී මගෙ ළග හිටිපු මිනිස්සු අදටත් මට ශක්තියක්.
හීනයක්ම වෙලා තිබුණු සරසවිය යථාර්ථයක් වෙන්නෙම ඒ කදුලු වල ....දාඩිය මහන්සියෙ ප්‍රතිපලයක් විදිහට...මන් වගේම සමහර වෙලාවට මටත් වඩා දුක් විදල ඉගන ගත්ත අය ඕන තරම් අපි අතරෙ ඉන්නවා...ඉසට වහලක් ,කුසට අහරක් ,පොතක් පතක් බලන්නට එළියක් නැති මිනිස්සු ඕනවටත් වැඩී...එහෙම දුක් විදල ගන්න රැකියාව ජයග්‍රහණ ඒ විදපු දුකේ රස දන්න මිනිස්සුන්ට මහ මෙරක් තරම් වටිනවා .

එක වසරෙ ඉදන් හම්බුණු යාලුවන්ගෙන් අදටත් මන් ළග ඉන්න හොදම යාලුවා එක්ක උසස් පෙළට පාසල් යන්න එලියට බහින්නෙ උදේ 5 45 ට.දවසකට කි මී 26 කට ආසන්න ප්‍රමාණයක් අපි බයිසිකලෙන් ඉස්කෝලෙට යන්න එන්න ඇති...අවුව වැස්ස විතරක් නෙමේ වෙලාවකට වල් අලි....ජීවිතේ අද වෙනකොට දුෂ්කරත්වයෙන් ලබපු අත්දැකීම් බහුලයි...
නියගය, ගංවතුර ,වල් අලි,විතරක්ම නෙමේ ආර්ථික ප්‍රශ්න නිසා ජීවිතේ විදවන්න වුණු මිනිස්සු ජීවත් වෙන බලස්පොරොත්තුවක් හොයන්නෙ හරියට ඉඩෝරෙට වැහි පොදක් හොයනවා වගේ.......
ආ ගමනට කොයි තරම් බාධක විවේචන තියෙන්න ඇතිද...අදටත් ඒවා අඩු වැඩි වශයෙන් ජීවිතේ එක්ක ගැටෙනවා...හයියෙන් හිනා වෙනවා වගේම කෑ ගහලා අඩන්න හිතෙන අවස්තාද ජීවිතේට උරුමයි..
ආ ගමනට කොයි තරම් බාධක විවේචන තියෙන්න ඇතිද...අදටත් ඒවා අඩු වැඩි වශයෙන් ජීවිතේ එක්ක ගැටෙනවා...හයියෙන් හිනා වෙනවා වගේම කෑ ගහලා අඩන්න හිතෙන අවස්තාද ජීවිතේට උරුමයි..
සමහර වෙලාවට ගමක ඉපදීමම හෑලුවට ලක් කරන මිනිස්සු අපි අතරමයි.
සමහර මිනිස්සු මිනිස්සුන්ව මනින්නෙම හරි පුදුම විදියට...සල්ලි, ලස්සන , විලාසිතා, යාන වාහන මිනිස්සුන්ගෙ ජීවිතේම වෙද්දි ..අපිට ඕනම කරන මනුස්සකම් අපෙන් ඈත් වෙන්නේ සමාජයේ මිනිස්සු අතර ලොකු පොඩි ජාති ආගම් බේද කුල මල භේද ඇති කරමින්......

මේ හැම දේම මැද්දෙ ඔලුව උස්සන් තැනකට එන්න සෑහෙන අමාරුයි....ඇත්තටම කියනවනම් ඒකට මාර කට්ටක් කන්නම ඕන....
නැගිට්ටවනවට වඩා වට්ටන......ශක්තියක් වෙනවට වඩා දුක් දෙන ........මිනිස්සු බහුලයි ...අවබෝධයෙන් කටයුතු කිරීමයි වැදගත්ම...
නැගිට්ටවනවට වඩා වට්ටන......ශක්තියක් වෙනවට වඩා දුක් දෙන ........මිනිස්සු බහුලයි ...අවබෝධයෙන් කටයුතු කිරීමයි වැදගත්ම...
දවසක සමාජෙ ඉහළ තැනකට අවාම .........මුල හොයන් නැතුව මිනිස්සු හැමෝම ළගට එයි...ඒ දවස වෙනකම්ම අපි වැඩ කරන්න ඕනි පරිස්සමෙන් ...කල්පනාවෙන්...
කොහොම කවුරු මොනවා කිවුවත් මට හිතෙන්නෙම ගල් බොරලු ඇනෙන ... බාට දෙකක්වත් නැති කකුල් දෙක තමයි ජීවිතේ ගොඩාක් දුර දුවන්න ශක්තිය දෙන්නෙ..සියුමැලි වෙන්න වෙන්න ඒ ශක්තිය අඩු වෙනවා...
ඉතින්......ජීවිතේ විදවීමෙන් තෘප්තිමත් විදීමකට අඩි තාලම හදනවාද......එහෙමත් නැත්තම් කියන්නන් වාලේ ජීවිතය විදිනවාද යන්න තීරණය කළ යුත්තේ ඔබමයි....
වාශු
සේයා රූ අන්තර්ජාලයෙන්
සේයා රූ අන්තර්ජාලයෙන්
No comments:
Post a Comment