අතට කරට රන් අභරණ හිඟ
වෙද්දී
ගත සරසන්න දුහුලින් සලු නැති
වෙද්දී
දුප්පත් අතු පැලේ සෙනෙහස
ඉතිරෙද්දී
දුවේ නුඹ ගියා අම්මා ඉකිලද්දී
පාට සරුංගල් මැද හිත නතර වෙලා
විසිතුරු මැදම තනි වූ සිත මුලා වෙලා
ගෙදර විදි සැපත දුක් ගින්දරක් වෙලා
නුඹ ඉගිලුණා සුර සැප යස ඉසුරු බලා
වසාගෙන සිරුර හැඩ ඇති මල්
ගව්මෙන්
නුඹ දිස් වුණේ සත්තයි සුරඟන
විලසින්
සතුටට ඉනුව කදුලැලි නෙත්
අග්ගිස්සෙන්
උතුරා ගැලුවෙ නුඹ යන හැටි දැක
සද්දෙන්
වැලි පිල්ලේ ලියපු අකුරේ හැඩ
මැකිලා
ඉස්සර වගේ නෙමෙ දැන් ලෝකය
වැඩිලා
මොනවද දන්නේ ඔය උදවිය ගම්
වැදිලා
නගරෙම තමයි දියුණුව දිවියට
මෙකලා
කියමින් නේක බස් පා කර අවලාද
නුඹ නික්මුණා නිමමින් ගෙයි මිණි පාන
කිවු මුත් නොයන්නට බිදගෙන මල් පාර
ඔය හිත නුඹට කලියෙන් දිව්වා ඈත
නුහුරුයි සිදාදිය සුර පුර සේ දුටුව
නුඹ ඉගිලුණේ රැවටී බොරුවට නතුව
නොදැන හසර ගිය විට මග අතරමග
නවතිනු මිසක කොහි යන්නද කතරගම
වාශු
ඒක එල
ReplyDelete